Uncategorized

සචිනිගේ උපන්දිනයට සැමියා දීපු අමතක නොවෙන සප්‍රයිස් එක

රටේම ජනප්‍රිය හුරු බුහුටි ලස්සන නිවේදිකාවක් තමයි සචිනි නිපුන්සලා කියන්නේ. සචිනි නිවේදන ක්ෂේත්‍රය තුලට එන්නේ කුඩා කාලයේදීමයි. සචිනි සමඟින් නිතරම දකින්න ලැබෙන නිවෙදනක දෙපලක් තමයි පේෂල මනෝජ් සහ මාධව විජේසිංහ කියන්නේ. දෙරණ චැම්පියන්ස්ටාර් වැඩසටහන හරහාත් මේ ඇය ගොඩක් ජනප්‍රිය වෙලා සිටිනවා. සචිනි නිවේදන ශිල්පිනියක් පමණක් නොවෙයි. වාණිජවේදී උපාධිධාරිණියක් වන අතර ඒ සමඟම නිවේදන කටයුත්ද කරගෙන යනවා. ඒ විතරක් නොවෙයි නර්තන ශ්ල්පිනියක් වශයෙනුත් සචිනි ගොඩක් ප්‍රසිද්ද කෙනෙක්.

සචිනි මේ වනවිට විවහා වෙලා ඉන්නේ. විවාහය ගැන කතා කරද්දී ඒ ගැනත් රටේම කතාබහට ලක්වුණේ වෙනස්ම ආකාරයේ විවහා උත්සවයක් නිසා. මේ සියල්ල සාමාන්‍ය විදියට කරන්න ඕනේ නිසා සියලු චාරිත්‍රයන් සිද්ද වුනේ පන්සලක වීමත් විශේෂ දෙයක් වුනා. විවාහයත් එක්කම වෙනස්වූ ඇයගේ ජිවිතේ ගැන මේ විදියට කියලා තිබුනා. දෙරණ නාලිකාවේ නිවේදන වැඩ කරගෙන ඉන්නවා. නමුත් රටේ තිබෙන තත්වයත් එක්ක සිමා සහිත වැඩ ප්‍රමාණයක් තමයි කරන්නේ. නිවේදිකාවක් විදියට ලැබෙන වටිනාම දේ වුනේ රසිකයින්ගේ ආදරය. හැකියාව තිබුනත් ඒ හැකියාව තුලින් ඉදිරියට යන අය ඉන්නේ සුලු පිරිසක්.

නමුත් මම අද ඉන්න තැනට එන්න ගොඩක් මහන්සි වුනා. ඒත් අද සතුටු වෙන්න පුලුවන්, ඒ මහන්සියේ ප්‍රතිපලය ලැබිලා තියන නිසා. ඉතින් රටක් ආදරේ කරන මේ දක්ෂ නිවෙදිකවගේ උපන්දිනය පසුගියදා යෙදිලා තිබුනා. ඒ තමයි සචිනිගේ විසි නව වෙනි උපන්දිනය. ඒ වෙනුවෙන් සචිනිගේ ආදරණිය සැමියා විසින් ලස්සන කේක් එකක් ගෙනැල්ලා සචිනිව පුදුම කරවමින් මේ දිනය සමරලා තිබුනා.