News

ලංකාවේම පාසල් විවෘත්ත කරන අකාරය ගැන විශේෂ නිවේදනයක්

ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ බොහොමයක් රටවල් වල වර්තමානය වන විට පාසල් ඉගැන්වීම් කටයුතු වගේම රැකියා කටයුතු වැනි සෑම දෙයක්ම කරන්නට සිදුවෙලා තියෙන්නේ ඔන්ලයින් හරහා. මෙහි විශේෂයෙන්ම වැදගත් අංගයක් වෙන්නේ පාසල් අධ්‍යාපනයයි. දැන් මාස කිහිපයක් තිස්සෙම අපේ රටේ දරු දැරියන් අධ්‍යාපන කටයුතු කරන්නේ ඔන්ලයින් හරහා සම්බන්ද වෙමින්. නමුත් අපේ රටේ තිබෙන පහසුකම් එක්ක සෑම දරුවෙකුටම ඒ ආකාරයට ඉගැනීමේ කටයුතු කරන්න හැකියාව තියනවා කියලා කියන්නත් බැහැ. ඒ වගේම තමයි රටේ තියන තත්වයත් එක්ක බැලුවම පාසල් නැවත විවෘත්ත කිරීමේ හැකියාවක් නම් පෙනෙන්නටත් නැහැ. අපේ රටේ පිරිසක් කියද්දී පාසල් විවෘත්ට කරන්න කියලා තවත් පිරිසක් ඒකට අකමැති වෙනවා.

දැන් නැවත වරක් ඒ ගැන කතා කරන්නට පටන්ගෙන තියෙන්නේ මේ විදියටයි. අධ්‍යාපන අමාත්යංශය තුලින් නම් තවමත් පාසල් විවෘත්ත කරන දිනයක් ප්‍රකාශයට පත් කරලා නැහැ. නමුත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා ශ්වසන රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ප්‍රකාශ කරලා තියෙන්නේ ළමුන් සඳහා පාසල් විරුත්ත කිරීමේ හැකියාවක් තියනවා කියලා.

ඒ එක්කම ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයේ අණුක විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මිය පවසලා තියෙන්නේ මේ වගේ කතාවක්. තවදුරටත් පාසල් වහලා තියනවා කියන්නේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට ලොකු බාදාවක් වෙනවා. මේ වෙද්දී බටහිර රටවල් බොහොමයක් පාසල් විවෘත්ත කරලා අධ්‍යාපන කටයුතු සාමාන්‍ය විදියට කරගෙන යනවා. මැයි මාසය වෙද්දී ලෝකය තුල පාසල් වසා දමා තියෙන්නේ ශ්‍රී ලංකාව සහ තවත් රටවල් විසි තුනක පමණක් බවත් ඇය සඳහන් කරලා තිබුනා. ඒත් සමඟම නීලිකා මලවිගේ මහත්මිය කියලා තිබුනේ ලබන වසරේ ජනවාරි මාසය දක්වා පාසල් වසා තැබුවොත් එතරම් කාලයක් දරුවන් නිවෙස්වල තැබෙන සිට අධ්‍යාපන කටයුතු කරන්නේ කෙසේද යන්නයි.