News

එක රටක් එක නීතියක් යටතේ ඉදිරියට යාමට සහාය දෙන්න, ජනපති රටෙන්ම කල ඉල්ලීම

මේ දවස්වල දේශපාලන වේදිකාව තුල වැඩිවශයෙන් කතාබහට ලක්වෙන්නේ රටේ පවතින තත්වය ගැනයි, දුන් පොරොන්දු එකක්වත් ඉටු කලේ නැහැ කියලා එක් පිරිසක් කියද්දී තවත් පිරිසක් කියන්නේ රටේ ඇතිවී තිබෙන තත්වයත් එක්ක හැකි අයුරින් ජනතාව වෙනුවෙස් සේවය කළා කියලා. කොහොම වුනත් විවිද අයගේ විදිද මත තිබුනත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශයක් කරලා තිබුනා. ඒ ශ්‍රී ලංකා යු, ද්ධ හමුදාවේ 72 වන සංවත්සරය සඳහා සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ පැවති උත්සවයට සහභාගී වූ අවස්ථාවේදීයි.

නිදහසට කරුණු කියන්නට අවශ්ශ්‍යතාවයක් නැහැ, මාගේ තේමා පාටය වනුයේ එක රටක් එක නිතියක් යන්නයි. ඒ වෙනුවෙන් ඉදිරියට යාමට ඉදිරියටත් සහය දක්වන ලෙස නිවැරදි ගමනක් යාම සඳහා සමස්ත රටේම මිනිසුන්ගේ සහය ඉල්ලා සිටින බවද එහිදී පැවසුවා. දැනට රටේ ඇතිවී තිබෙන තත්වයත් සමග ආර්ථිකය පහල මට්ටමකට ගියත් ජනතාව වෙනුවෙන් විශාල වැඩ කොටසක් සිදුකර ඇති බවත් ජනාධිපති වරයා ප්‍රකාශ කර තිබුනා. ඒ වෙනුවෙන් අපේ හමුදාවද ඉටුකළ සේවය ඉතා ඉහල බවත් පැවසු ඒ මහතා කියා සිටියේ ඒ සියලුදා කල කැප කිරීම් වෙනුවෙන් ස්තුති වන්ත වෙන බවත් ප්‍රකාශ කළා. එමෙන්ම තමා ජනතාවට දුන් පොරොන්දු වූ ආකාරයටම ව්‍යවස්ථා සංශෝධනයක් සහ නව ඡන්ද ක්‍රමයක් ඇති කිරීමට කටයුතු කරන බව කියා සිටියා. එමෙන්ම සියලු රාජ්‍ය නිලධාරීන් ජනතාව වෙනුවෙන් තමාගේ සේවය ඉටුකළ යුතු බවත් ප්‍රකාශ කළා.