Gossip

හරිම ආසයි මේකප් රිමූ කරලා එයා ළඟට ගියාම. නිල්මිණි තෙන්නකෝන්

අපේ රටේ කළා ක්ෂේත්‍රය තුල සිටින ප්‍රවීන චරිතාංග රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. කළා කටයුතු, පවුලේ වැඩ, දියණියගේ අනාගතය ගැනත් සොයා බලන අතරතුර කාර්ය භහුල ජිවිතයක් තමයි ඇය තාමත් ගත කරන්නේ. ඒ අතරතුර ලැබුණු පුංචි කාලයේදී නිල්මිනිගේ මුළුතැන් ගෙයි වැඩ කටයුතු සිදුවන ආකාරය ගැනත් කතාබහ කරලා තිබුනා. මවගේ චරිතයට මම ගොඩක් කැමතියි. මව් පදවිය ඇතුලත තිබෙන යුතුකම් වගකීම්, ආදරය සෙනෙහස කියන හැම දෙයක්ම තියනවා.

දෝණිත් හරිම ආසයි මේකප් රිමූ කරලා එයා ළඟට ගියාම. ගෙදර හිටියත් නැතත් හැම වැඩක්ම සැලසුම් කරන්නේ මගේ අතින්මයි. කාර්යභහුල ජිවිතයක් ගත කලත් නිවසේ ඉන්න ටික වෙලාවත් මම හරිම සතුටින් ගත කරනවා.උදේ අවදි වුන වෙලාවේ ඉඳලා වැඩ සැලසුම් කිරීම, වෙලාවට වැඩ කිරීම කියන දේවල් ඒකාලේ ඉඳලම මගේ ජිවිතේ තිබුනා.ඒ නිසා කාලය නැහැ කියන ප්‍රශ්නය මට මතුවෙලා නැහැ. ඒකාලේ නම් මට පපඩමක් වත් බදාගන්න දැනුමක් තිබුනේ නැහැ,

දැන්නම් ඕනෑම දෙයක් රසට උයන්න පුලුවන්. ලංකාවේ ප්‍රසිද්ද සුපවේදීන් සමඟ විවිධ වැඩසටහන් වල මම හිටියා. එතකොට ඒ දේවල් ඇස් දෙකෙන්ම බලලා ඉගන ගන්න මට පුලුවන් වුනා. ඒ ලැබුණු හැම අත්දැකීමක් එක්කම ඕනෑම කෑමක් රසය හදන්න පුලුවන් අම්මා කෙනෙක් විදියට මම සම්පුර්ණ වුනා. අහාර ගනිද්දී පෝෂණය ගැන නිතරම හිතනවා. බත්, පාන්, පිටි සහිත අනෙකුත් කෑම ආහාරයට ගන්නේ හරිම අඩුවෙන්.

මම හැම වෙලාවකම හිතන්නේ අපි මේ හැමදේම කරන්නේ කාලා බිලා සතුටින් ඉන්නනේ කියලා. එළවලු පලතුරු වගේ දෙව අල වැඩියෙන් ගන්නවා, ගොඩක් වතුර බොනවා. ඊට අමතරව සීනි අඩුවෙන් දාපු පලතුරු යුෂ වීදුරුවකුත් බොනවා. ඒ හැම දෙයක්ම මගේ දුවටත් පුරුදු කරනවා. දියණියක් වුනාම කුස්සියේ වැඩ දැනගෙන ඉන්න එක අනාගතේට වැදගත් වෙනවා. නිවසක හැමදේම වගේම මවගේ ආදරය සෙනෙහස සහ ගෙදර අයගේ පෝෂණය ගැනත් හිතන්න ඕනේ.