Gossip

සුරූපී නිලි ශෂී ඇන්ජලීනා කළා තරු වටකරගෙන උපන්දිනය සැමරූ හැටි

මියුසික් වීඩියෝ තුලින් ජනප්‍රියත්වයට පත්වී මේ වනවිට රටේම ආදරය දිනාගත් රංගන ශිල්පිනියක් සහ නිරූපන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරන ශෂී ඇන්ජලිනා අපට නුහුරු නුපුරුදු කෙනෙක් නෙවෙයි. ආකර්ශනීය රූපයක් සහ හොඳ දක්ෂතාවයක් ඇති නිසාම කලාවේ ඉදිරියට යන්නට ඇයට හැකියාව ලැබිලා තියනවා. නිරූපිකාවක් කියලා කිව්වම අද සමාජයේ මිනිස්සු බලන විදියට නම් ශෂී කොහොමත් කැමති නැහැලු. එහෙම වෙලා තියෙන්නේ මේ ක්ෂේත්‍රය තුල සිටින සුලු පිරිසසක් විසින් කරන දේවල් නිසා කියලයි ඇයගේ අදහස වෙන්නේ. එලෙසින් රටක් ආදරේ කරන ශෂී පසුගියදා උපන්දිනය සමරලා තිබුනේ යහලුවන් හිතවතුන්ද සමඟයි.

ඒ වගේම මාධ්‍ය සාකච්චාවකට එකතු වෙලා ඇයගේ අලුත් ජිවිතේ මොනවගේද කියලත් පවසලා තිබුනා. මම ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දහයක් විතර වෙනවා. ඒ කාලය අතරතුර ටෙලි නිර්මාණ රැසකටම ආරාධනා ලැබුනත් බාරගත්තේ ඉන් කිහිපයක් පමණයි. සමහර වෙලාවට අපි රංගනය වෙනුවෙන් ;ලොකු කැපකිරීමක් කලත් ලැබෙන අවස්ථා ගොඩක් අඩුයි. වර්තමානයේ නම් බොහෝ දෙනෙක් රංගනයට ඇවිත් අවුරුද්දක් යන්නත් කලින් ක්ෂේත්‍රයේ හොඳ තැනක ඉන්නවා. එහෙම වෙන එකගන සතුටුයි නමුත් මෙතරම් තරඟකාරී තත්වයක ඉක්මනින් ඉහලය යන්නේ කොහොමද කියලා හිතාගන්නවත් බැහැ.

රුපවාහිනී නාලිකා වලත් නිවේදන කටයුතු කළා. මියුසික් වීඩියෝ වුනත් හොඳ ඒවාට විතරයි දායක වෙන්නේ. වසර ගණනාවක් තිස්සේ මම හදාගත්තු හොඳ නම නැතිකරගන්න බැහැ. සමහර මෝඩකම් හින්දා හොඳ අවස්ථා පවා මගහැරිලා තියනවා. ඒ ගැන යම් කලකිරීමක් තියනවා. ආදරය සහ විවාහය ගැන නම් තාමත් අදහසක් නැහැ. ඉදිරියේදී බලමු, දැනට නම් ඒ ගැන කියන්න තරම් දෙයක් නැහැ.