Gossip

සමිතාගේ අලුත් ආදර කතාවට උදව් කලේ මම, ජානකී විජේවර්ධන

ජානකී විජේරත්න කියන්නේ කළා ක්ෂේත්‍රය තුල නමක් දිනාගෙන සිටින ප්‍රේක්ෂක ආදරය දිනාගත් කළා කාරිනියක්. නිරූපනය, රංගනය සහ අධ්‍යක්ෂණය වැනි බොහෝ පැති වලින් ඉදිරියට ගොස් සිටින කෙනෙක් සහ නිෂ්පාදක වරියක්ද වෙනවා. නමුත් කාලයක ඉඳලා ඇය වැඩිය දකින්න ලැබෙන කෙනෙක් නම් නෙවෙයි. ඉතින් ඇය ගැන සොයා බලන රසික රසිකාවියන් වෙනුවෙන් කියලා තිබුනේ මෙහෙම කතාවක්. මම ගොඩක්ම කැමති හුදෙකලා ජිවිතයක් ගත කරන්න, ප්‍රසිද්ද තැන් වල නිතරම ඉන්න කැමති නැහැ.

මේ වනවිට ටෙලිනාට්‍ය හතක පමණ නිෂ්පාදනය කරලා තියනවා. ඊට අමතරව සිනමා නිර්මාණ සඳහාත් රංගනයෙන් දායක වෙලා තියනවා. පාර්ලිමන්ට් ජෝක්ස්, චැලෙන්ජස් සහ අසානි වර්ශා වැනි ජනප්‍රිය වූ නිර්මාණ කිහිපයකටම දායක වෙලා තියනවා. ඒ විතරක් නෙවෙයි හැමෝම දන්නා තවත් කාරණයක් තමයි ජානකිගේ හොඳම යහලුවා කවුද කියලා. ඒ තමයි අපි හැමෝම අතර නිතර කතාබහට ලක්වෙන ප්‍රවීන ගායිකා සමිතා මුදුන්කොටුව. සමිතා කියන්නෙත් නිතරම පුවත් මවන චරිතයක් කියලා අපි හැමෝම දන්නවා. නමුත් ඉතින් ඒ කිසිම දේකට කලබල වෙන කෙනෙක් නෙවෙයි සමිතා කියන්නේ.

ප්‍රශ්න හමුවේ නොසැලී ඉදිරියට යන කෙනෙක් විදියටයි සමිතා හඳුන්වන්නේ. සමිතාගේ අලුත් ආදර කතාව ගැනත් දැන් හැම කෙනෙක්ම දන්නවා. ඇයගේ වර්තමාන සැමියා වන චිරන්ත ගුණවර්ධන සමඟ තිබු අදර සම්බන්දයට ගොඩක් උදව් කරලා තියෙන්නේ වෙන කවුරුත් නෙවෙයි. සමිතාගේ හොඳම යෙහෙළිය වන ජානකී විජේරත්නයි. ඒ ගැන ජානකී කියලා තිබුනේ මෙහෙම කතාවක්. මගේ යාළුවො හැමෝම වගේ මට වඩා වයසින් ගොඩක් වැඩියි කියලා.