Gossip

සඳනිගේ රුවට සමාන ජනප්‍රිය නිලි හේෂානි ලියදිපිටිය දැන් තවත් ලස්සන වෙලා

ධරණී ටෙලිනාට්‍ය තුලින් ඉතාම කෙටි කාලයක් තුල ප්‍රේක්ෂක ආදරය දිනාගෙන ජනප්‍රිය නිලියක් බවට පත්වුණු කෙනෙක් තමයි හේෂානි ලියදිපිට කියන්නේ. සුරූපී, දඟකාර, හැඩකාර, කටකාර තරුණියක් ලෙසින් අය ගොඩක් දෙනාගේ ආදරය දිනාගන්නවා. රංගනයට වගේම නර්තනයටත් ඇය බෙහෙවින් දක්ෂ කෙනෙක්. මේ වනවිට හේශානි සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ තෙවැනි වසරේ ඉගනුම ලබාන ශිෂ්‍යාවක්. 2020 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය ලෙසින් තේරී පත්වන ඇයගේ ගම වෙන්නේ අංගොඩ. පවුලේ ඉන්නේ අම්මයි, අප්පච්චියි, අක්කා කෙනෙක් සහ අයියා කෙනෙකුත් ඇයට ඉන්නවා. කළා ක්ෂේත්‍රයේ ඉදිරි වැඩ කටයුතු වගේම පෞද්ගලික ජිවිතයේ තොරතුරු ගැනත් හේෂානි කියලා තිබුනේ මේ ආකාරයටයි.

මගේ පවුලේ විස්තර ගැන කියනවා නම් ඔක්කොම සාමාජිකයින් පස් දෙනෙක් ඉන්නවා. අම්මා, අප්පච්චි, අයියා, අක්කා සහ මම. අක්කා දැන් විවහා වෙලා ඉන්නේ. අයියා ඉන්නේ ඇමරිකාවේ. තාත්තා විශ්‍රාමිකයි, ඔහු රැකියාව කලේ වාරයේ. ඒ වගේම අමමා ගෘහනියක්. මම මේ දවස්වල ධරණී ටෙලිනාට්‍යයේ තරුමිනි කියන චරිතයට රංගනයෙන් දායක වෙනවා. ඒක ප්‍රධාන චරිතය. ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර නම් ගොඩක්ම හොඳයි. මේ වගේ කෙටි කාලයක් ඇතුලත මේ තරම් ජනප්‍රිය වෙලා ලොකු ප්‍රේක්ෂක ආදරයක් ලැබේවි කියලා හිතුවේ නැහැ.

මුලින්ම මම 2020 වර්ෂයේදී දෙරණ අවුරුදු කුමරිය තරඟයට සහභාගී වුනා. එහදී පළමු ස්ථානය දිනාගන්න හැකියාව ලැබුනා වගේම ටෙලිනාට්‍ය වලට තිර පරීක්ෂණ සිදුකලා. ඒ තුලින් තේරී පත් වෙන්නත් මට පුලුවන් වුනා. ප්‍රධාන වශයෙන්ම දෙරණ නාළිකාවේ ලක්සිරි වික්‍රමගේ මහතා සහ චරිත් කොතලාවල මතුන්ගේ සහයෝගයෙන් තමයි මට මේ තැනට එන්න ප්‍රධානම මග සැලසෙන්නේ. ධරණී නාට්‍යගේ මගේ චරිතය තුල වැඩිපුරම කරන්න තියෙන්නේ මාෂල් ආර්ට් එක්ක. ඒ නිසා දෙරණ ආයතනය තුලින් අපිට ඒ අවශ්ෂ්‍ය පුහුණුව ලබා දුන්නා. එහෙම පුලුනුවක් නැතිව තාත්විකව රංගනයේ යෙදෙන්න බැහැ. ප්‍රවීන පුහුණු කරුවන් එකතු කරගෙන ඒ අය එක්ක තමයි අපි මේ වැඩේ කරන්නේ. මේ චරිතය අහිංසක සුකුමාල චරිතයක් නෙවෙයි. මම සෑම වෙලාවකම ඒ චරිතයට කරන්න පුලුවන් උපරිම සාධාරණය කරනවා. ටෙලිනාට්‍යයේ විතරක් නෙවෙයි. මෙවැනි ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්දවෙන කාන්තාවන් අපේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා. ඒ අයටත් මේක හොඳ ආදර්ශයක් වේවි කියන දේ මම හිතනවා. අභියෝග හමුවේ බුද්ධිමත්ව කටයුත් කල යුතුයි කියන දේ සෑම වෙලාවකම අපේ හිතේ තියෙන්න ඕන. මේ හැම දේකදිම මගේ ගෙදර අයගෙනුත් ලොකු සහයිගයක් වගේම ආශීර්වාදයක් ලැබෙනවා. එක මට ලොකු ශක්තියක්.