Gossip

ශලිනි වගේමයි, මේ ඉන්නේ ශලිනි තාරකාගේ නංගිද

පුංචි තිරය තුල දිනෙන් දින අලුත් මුහුණු දකින්න ලැබෙනවා. ඒ වගේ අපට දකින්න ලැබුණු චරිතයක් තමයි කස්තුරි ජයවර්ධන කියන්නේ. ඇත්තෙන්ම ඇය දෙස බලන ඕනෑම කෙනෙකුට මතක් වෙන්නේ කවුද කියලා සුවොත් කියාවි ශලිනි තාරකා කියලා. ඔව් ඇත්තෙන්ම ඇය ශලිනිගේ පෙනුමට තරමක් සමානයි. ඒ නිසා ඇය ශාලිනිගේ නගනියක්ද කියලත් ගොඩක් අය අහනවා. ඒ වගන වගේම කස්තුරිගේ අලුත් විස්තර ගැනත් මේ විදියට කියලා තිබුනා.

නීල බපලු ටෙලිනාට්‍යයේ රූගතකිරීම් වලට මේ දවස්වල සහභාගී වෙනවා. අලුත් නිර්මාණ වලටත් ආරාධනා ලැබිලා තියනවා. ටිකක් කාර්යභහුල දවස් ටිකක් ගතකරන්නේ. පුංචි කාලේ ඉඳලම මගේ ආසාව තිබුනේ ගුරුවරියක් වෙන්නයි. පෝර්ක් වීදිය ටෙලිනාට්‍ය ඔස්සේ එවැනි චරිතයක් රඟපාන්න මට අවස්තාව ලැබීම ගැන ගොඩක් සතුටුයි. නමුත් රංගනයට එන්න අදහසක් තිබුනේ නැහැ, අවුරුදු කුමරිය තරඟයට සහභාගී වීමත් එක්කයි මාව ගොඩක් අය හඳුනාගන්නේ.

දෙරණ අවුරුදු කුමරිය තරඟය හරහා මට රංගනයට එන්න අවස්තාව ලැබුනේ. සංගීත් ප්‍රභූ අයියා විසින් තමයි මට ක්ෂේත්‍රයට එන්න අවස්තාව සලසලා දුන්නේ. ටෙලිනාට්‍ය නිර්මාණ දහයකට වඩා මේ වෙද්දී රඟපාලා තියනවා. ලැබෙන හැම චරිතයක්ම මම කැමැත්තෙන් බාරගන්නවා. නමුත් ලැබෙන චරිතයේ ඇඳුම්, විලාසිතා ගැනත් හිතනවා. ඒ නිසා නිර්මාණ බාරගන්නේ හොඳට හොයලා බලලා.

මගේ ගම මහියංගනය, ගමක හැදුනු වැදුණු කෙනෙක් නිසා විලාසිතා කරන්නේ මට ගැලපෙන විදියට විතරයි. සමහරු අහනවා මම ශලිනි අක්කාව අනුකරණය කරනවද කියලා. ගොඩක් ප්‍රේක්ෂකයින් එහෙමත් මට කියලා තියනවා ශලිනි එක්කගෙ රුවට සමානයි කියලා. එයාගේ සහෝදරියක්ද කියලත් අහනවා. නමුත් මම හැමවෙලාවකම මගේම අන්යන්යතාවයක් ගොඩනගන්නේ. අනුකරණයක් කරන්නේ නැහැ.