Gossip

යෝකර් රජු ලසිත් මාලිංග බිරිඳ සමඟ ඕස්ට්‍රේලියාවට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ එතෙක් මෙතෙක් බිහිවූ සුපිරි වේග පන්දු යවන්නෙකු වන ලසිත් මාලිංගට හැමෝම කියන්නේ යෝකර් රජු කියලා. මොකද ඔහුගේ පන්දු යැවීමේ විශේෂ වූ විලාසය නිසමා ලොව පුරා සිටින විශිෂ්ට පිති කරුවන් පවා මාලිංගගේ පන්දුව ඉදිරියේ අසරණ වූ වාර අනන්තයි. ක්‍රිකට් ලෝලීන්ගේ හදවතේ සිටින ලසිත් මාලිංග දැන්නම් ජාත්‍යන්තර විස්සයි විස්ස ක්‍රිකට් පිටියෙන් සමු අරන් තමයි ඉන්නේ. එමෙන්ම ඉන්දීය ප්‍රිමිය ලීග් පිටියේ පවා විශාල ඉල්ලුමකට හිමිකම් කියන මාලිංග ඇත්තෙන්ම අපේ රටට වටිනා සම්පතක් ලෙසින් හඳුන්වා දෙන්න පුලුවන්.

නමුත් ඉතින් ඔහු ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමත් එක්කම අපේ රටේ ක්‍රිකට් ලෝලීන් ගොඩක් දුකට පත්වුනා. ඒ වුනත් ඔහුට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ නම් අඩුවක් වෙලා නැහැ. පසුගිය කාලයේ ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින්ද එතුමන්ගේ මුහුනුපොතේ සටහනක් තබමින් මාලිංග ඇගයීමට ලක්කරලා තිබුනා. දැන්නම් සෑම ලෝක කුසලාන තරඟයකදිම ඔහුගේ අඩුව හොඳින්ම දැනෙනවා. මොකද ක්‍රිකට් පිටියේ දිනුම පැරදුම තීරණය අවසම මොහොත දක්වාම වෙනස් කරන්නට හැකි ක්‍රීඩකයෙක් වගේම තරඟ රැසක්ම ජයග්‍රහණයට ගෙන ගිය දක්ෂ පන්දු යවන්නෙක්.

වර්තමානයේ ගත්තම අපේ රටේ එලෙසින් සිටි බොහොමයක් ක්‍රිකට් ක්‍රීඩකයින් ක්‍රීඩා පිටියෙන් සමුගැනීමෙන් පස්සේ විවිධ රටවල් වල පදිංචියට ගිහින් ඉන්නේ. තිලකරත්න දිල්ශාන් ගැන කතා කලොත් ඔහුත් මේවනවිට ඕස්ට්‍රේලියාවේ තමයි ඉන්නේ පවුලේ අයත් එක්කම. ඉතින් ඒ විදියට මාලිංගත් වෙනත් රටකට පදිංචියට යාවිද කියලත් දන්නේ නැහැ. කොහොම වුනත් පසුගිය දවසක මාලිංග සහ ඔහුගේ ආදරණිය බිරිඳ ඕස්ට්‍රේලියාවේ සුපිරි හෝටලයකට ගොස් ආහාර ගංනාඅ අයුරු දැක්වෙන චායාරුප පෙළක් සමාජ මාධ්‍ය වල දකින්න ලැබුනා.