Gossip News

මෙරට ඉතිහාසයේ පළමු වරට පින්නවල සුරංගි නිවුන් අලි දරුවන් බිහි කරයි-චායාරූප

පින්නවන ඇත් අතුරු සෙවන ගැන ඔබ අප සැවොම අසා තිබෙනවා. බොහෝ දෙනෙකු ඒ ස්ථානයට ගිහිල්ලත් ඇති. කාත් කවුරුවත් නැති අලි ඇතුන් සඳහා රැකවරණය ලබාදෙන ලංකාවේ එකම ස්ථානය වෙන්නේ මේ පින්නවලයි. මෙය තිබෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන කියන නගරයේ. ඒ ගැන විස්තර කතා කරන්නට කලින් අපිට දැනගන්න ලැබුණු සතුටු දායක ආරංචියක් මේ විදියට අපි කියන්නට සිතුවා. ලංකා ඉතින්හසයේ ප්‍රථම වරට පින්නවල අලි අ නාතා ගාරයේ නිවු න් අලි පැටවුන් දෙදෙනෙක් බිහි කරලා තියනවා. ඒ අලි අම්මාගේ නම තමයි සුරංගි. මේ පැටවුන් දෙදෙනාම පිරිමි සතුන් කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. පළමු පැටව උදෑසන හතරට පමණ සහ දෙවන පැටවා බිහි වී තිබෙන්නේ දහවල් දොළහට පමණ කියලා දැනගන්න ලැබුනා. ඉතින් මේ අලි අම්මා වගේම දරුවන් දෙදෙනාත් දැන් සුවයෙන් පසු වෙනවා.

මෙම ස්ථානය ලංකාවේ පමණක් නොවෙයි දේශීයව වගේම විදේශියවත් ගොඩක් ප්‍රසිද්ධියට පත්වූ සංචාරකයින් බොහොමයකගේ ආකර්ෂණය දිනාගෙන තිබෙන ස්ථානයක්. අලි ඇතුන් සම්බන්ධ කෞතුකාගාරයක්, සංරක්ෂනාගාරයක් ලෙස මෙම ස්ථානයේ විශාල සේවයක් සිදු කෙරෙනවා. ඒ විතරක් නෙවෙයි මෙලෙස විවිධ වයස් ප්‍රමාණ වලින් හිලෑ අලි ඇතුන් විශාල ප්‍රමාණයක් එකවර දකින්නට ලැබෙන ලෝකයේ එකම ස්ථානයත් මෙයයි. එම නිසා සංචාරය කේන්ද්‍රස්ථානයක් විදියටත් මෙය හඳුන්වන්න පුලුවන්. විවිධ හේතුන් මත තනිව ජිවත් වීමට හැකියාවක් නොමැති අලි ඇතුන් මේ විදියට මෙම ස්ථානයට ගෙනැවිත් හීලෑ කරලා රැකවරණය ලබා දෙනවා. එමෙන්ම මෙම ස්ථානයේ අලි පැටවුන් බොහොමයක් මේ වනවිට උපත ලබලා තියනවා. ඒ නිසා රටටත් විශාල සේවයක් විදියට මෙය හඳුන්වන්න පුලුවන් නමුත් නිව් න් අලි පැටවුන් මෙලෙස බිහිවී තිබෙන්නේ ලංකා ඉතිහාසයේ පළමු වරටයි.