Gossip

මම ලජ්ජා බයට හැදුනු කෙල්ලෙක්. ජනප්‍රිය නිලි දුශේනි සිල්වා

කළා නිර්මාණ වලින් නිතරම දකින්න නොලැබෙන කෙනෙක් වුනත් දුශේනි මියුරංගි සිල්වා කියන්නේ අපේ රටේ සිටින ජනප්‍රියතම නිලියක් කියලා හඳුන්වන්න පුලුවන්. කාලයක් නිර්මාණ වලින් දකින්න නොසිටි ඇය නැවතත් අලුත් ටෙලිනට්‍යකින් දකින්නට ලැබෙනවා. කොහොම වුනත් පසුගිය කාලයේ ටික දිනක් ඉන්දියාවේ තමයි ඇය ඉඳලා තියෙන්නේ එයාර්පොර්ට් එහෙමත් වහලා තිබුණු නිසා ලංකාවට එන්න ටිකක් පරක්කු වෙලා තියනවා. ඒ විදිහට ඉන්දියාවේ අවුරුද්දක් වගේ කාලයක් ඇය ඉඳලා තියනවා.

දැනට බාරගෙන තියන අලුත් වැඩ ටිකක් තියන නිසා එදෙවල් ඉවර කලාට පස්සේ නැවතත් ඉදියාවට යන්න හිතාගෙන ඉන්නවාලු. වැඩක් බාරගෙන ඒක අතරමග දාලා යන්නේ නැහැ කියලයි ඇය පවසලා තිබුනේ. ලංකාව දාලා එලෙසින් යන්න හේතුවක් නොකිව්වත් විවිධ හේතු බලපෑවා කියලයි දුෂෙනි කියලා තිබුනේ. දුශේනිගේ උපන් ගම මාතර වුනත් දැන් පදිංචි වෙලා ඉන්නේ කුරුනෑගල.

පාසල් අද්‍යාපනය අවසක් කරලා පළමුවෙන්ම වෘත්තියක් වශයෙන් ඇය තෝරාගෙන තියෙන්නේ ගණකාධිකාරී වෘත්තිය. නිලියක් වෙන එක ගැන නම් ලොකු හීනයක් තිබිලා නැහැ. තාත්තගේ කැමැත්ත නිසාම තමයි කළා ක්ෂේත්‍රයට සම්බන්ද වෙලා තියෙන්නේ. ඒ වුනත් කලාව ඇතුලේ සිමාවන් එක්ක තමයි වැඩ කරන්නේ කියලා දුශේනි කියනවා. මොකද කාලේ ඉඳලා ඇය ටිකක් ලජ්ජා බයට හැදුනු කෙනෙක්ලු.

වෙන දෙයක් හොයාගෙන ගිය ගමනේ හිතුවෙවත් නැති තැනකට මාව ගෙනිච්චා කියලයි දුෂෙනි කියන්නේ. ඒ විතරක් නෙවෙයි 2017 මිස් ශ්‍රී ලංකා තරගය ජයග්රහණය කරන්න ඇයට අවස්ථාව ලැබුණා. එතනින් බොහෝ දේවල් ඉගනගෙන හෙමින් ඉදිරියට ආපු ගමනක්. මම කැමති දේ ලැබෙනකන් නින්ද යන්නේ නැහැ කියලත් ඇය කියලා තිබුනා.