Gossip

මම ආදරේ පස්සෙන් යන කෙනෙක් නෙවෙයි ඩිලුක්ෂි වීරපෙරුම

රංගනයට පැමිණ කෙටි කාලයක් තුලදී නිර්මාණ ගණනාවකටම දායක වෙන්නට හැකියාව ලැබුණු දක්ෂ නිලියක් තමයි ඩිලුක්ෂි වීරපෙරුම කියන්නේ. පුංචි තිරයේ පමණක් නොවෙයි, සිනමාවේත් නිරූපන ක්ෂේත්‍රය තුලත් දකින්නට ලැබෙන ජනප්‍රිය චරිතයක් ලෙසින් ඇයව හඳුන්වන්න පුලුවන්. ඩිලුක්ෂි මේ දවස්වල කොහොමද ජිවිතේ ගෙවෙන්නේ. මම රඟපාපු ලොක්කි ටෙලිනාට්‍ය හොඳ ප්‍රතිචාර මද අවසන් වුනා. දැන් ධරණී කතාව සමඟයි වැඩ කටයුතු කරන්නේ. ඒත් එක්කම අලුත් දේවල් වලටත් ගොඩක් ආරාධනා ලැබෙනවා. ඒවත් එක්ක තමයි කාලය ගත වෙන්නේ.

මම මේ ෆීල්ඩ් එකට එන්නේ 2016 අවුරුද්දේදී, නමුත් ලොකු චරිත කරන්න ලැබුනේ නැහැ. ලැබුනත් ඒව මිනිස්සු අතරට වැඩියේ ගියේ නැහැ. ලොක්කි ටෙලිනාට්‍ය හරහා තමයි මට වැඩිම ප්‍රතිචාර ලැබෙන්නේ පටන් ගත්තේ. කොහොමත් මට නිතරම වගේ ලැබුනේ නපුරු පැත්තට තියන චාරිත නිසා මිනිස්සු මාව දකිනකොටත් බනින තත්වයක් තිබුනා. ඒ කතාවේ වැඩියෙන්ම කියපු දෙයක් වුනේ අනා කියන වචනය. ඉතින් දැන් මගදී කෙනෙක් හම්බ වුනත් ඒක කියලා තමයි කතා කරන්නේ.

මේ කතාවේ ප්‍රවීනා කියන චරිතය සහ මගේ සැබෑ ජීවිතෙත් ටිකක් එකවගේ. සමහර අයනම් කියනවා මට හරියනම චරිතයක් ලැබුනේ කියලා. සැබෑ ජීවිතෙත් මට ප්‍රශ්න එනවා, ඒත් මම කැමති නැහැ තව්ටැහැ කෙනෙකුට ඒ ප්‍රශ්න දීලා ඒ කෙනාගේ ජීවිතෙත් අවුල් කරන්න. මාත් එක්ක ඉන්න අයනම් දන්නවා මම සැහැල්ලුවෙන් නිදහසේ ඉන්න කැමති කෙනෙක්. රඟපෑමට වඩා පොඩි කාලේ ඉඳලා මම හිතුවේ නෙර්තනය පැත්තෙන් ඉදිරියට යන්න.

නැවත හැරිලා බලද්දී මම ආපු ගමන ගැන සතුටුයි අද රංගනය සහ නර්තනය පැත්තෙනුත් ඉරිදියට යනවා. වෘත්තීය වශයෙන් රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. මේ රස්සාවට මම ආදරෙයි, එතනින් එහාට දෙයක් අවශ්ෂ්‍ය නැහැ. ඒ වෙනුවෙන් ගොඩක් කැපවෙනවා වගේම මහන්සි වෙනවා. පෙම්වතියක් වෙලා ඉඳලා තියනවා. නමුත් මම ආදරේ පස්සේ එල්ලිලා යන කෙනෙක් නෙවෙයි. සතුටින් ඉන්න හැමදේම කරන්නේ, එතනින් එහාට දෙයක් නැහැ.