Gossip

පුංචි දුවත් එක්ක දිනක්ෂි ගෙදර ආපු දවසේ කළා තරු පිරිවරාගෙන සතුට සැමරූ හැටි

දිනක්ෂි සාරංග කියන නම් දෙක අද වනවිට සමාජ මාධ්‍යන් තුල වැඩියෙන්ම කතාබහට ලක් වෙන දෙදෙනෙක් බවට පත්වෙලා. මේ දෙදෙනා මව් පියන් බවට පත්වූ පුවත ඇසුණුදා පටන්ම සිතගන්නත් බැරි විදියට උණුසුම් ප්‍රතිචාර ලැබෙන්නට පටන් ගත්තා. කළා කරුවන් කෙතරම් සිටියත් මේ වගේ සමාජ මාධ්‍ය තුල වැඩි වශයෙන් කතාබහට ලක් වෙන්නේ බොහොම සුළු පිරිසක් විතරයි. දිනක්ෂි සහ සාරංග කියන්නේ නිතරම තමන්ගේ තොරතුරු ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් හරහා ප්‍රේක්ෂකයින් එක්ක බෙදා ගන්න දෙදෙනෙක්. ඒ නිසාම තමයි මේ පුවත ගැනත් මේ තරම් කතාබහට ලක් වුනේ. විවිද කටකතා හදන සුලු පිරිසක් අතරේ බොහොමයක් දෙනා ඔවුන්ට හැමදාමත් ආශීර්වාද කරනවා වගේම සුභ පතනවා.

මේ පවුලට අලුතින් එකතුවුණු දූ කුමරිය ගැන සාරංගගේ යුටියුබ් නාලිකාවේ අලුත් වීඩියෝවක් නිකුත් කරලා තිබුනා. ඉතින් ඒ ගැනත් දැන් රටේම කතාබහට ලක් වෙනවා. ඒ තමයි අබේ බබාගෙන් සුභ පණිවිඩයක් කියලා ලස්සන වීඩියෝ එකක් එකතු කරලා තිබුනා. මේ විදියට පුංචි දියණියත් එක්ක දිනක්ෂි ගෙදර ආපු සතුට වෙනුවෙන් එය සමරන්නත් ඔවුන් අමතක කරලා තිබුනේ නැහැ. පවුලේ අය, හිතවතුන් වගේම කළා තරු රැසක්ම පිරිවරාගෙන ඒ වෙනුවෙන් උත්සවයක් සංවිදානය කරලා ලස්සනට සමරලා තිබුනා.