Gossip

දිනක්ෂිගේ බබා ආසම දේ මුල්වරට රටටම හෙළිකරයි

මේ දවස්වල ප්‍රියසාද් පවුල ගැන වැඩියෙන් කතා කරන්නට පටන් අරන් තියෙන්නේ සරංගගේ සහ දිනක්ෂිගේ අලුත උපන් පුංචි දියණිය නිසයි. කොහොමත් ඒකාලේ ඉඳලාම කළා ක්ෂේත්‍රය තුල නිතරම කතාබහට ලක්වෙන පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. විශේෂයෙන් මේ පවුලේ දියණියන් තිදෙනා වන දිනක්ෂි, ශේෂාද්‍රි සහ ශනුද්‍රි ගැන විවිධ පුවත් නිතරම අසන්නට ලැබෙනවා. එලෙසින් කළා ලෝකයේ නමක් දිනාගත් ඔවුන් ඉතාම ජනප්‍රියයි වගේම ප්‍රේක්ෂක ආදරයත් දිනාගෙන ඉන්නවා.

ඒ වගේම තමයි දිනක්ෂි විවහා වෙලා ඉන්න අදරණිය සැමියා සාරංග දිසාසේකර කියන්නෙත් කළා පවුලකින්ම පැමිණෙන කෙනෙක්. සාරංගගේ මව්පියන් වන්නේ සංගීතවේදියෙකු වන නාරද දිසාසේකර සහ නිවේදන ශිල්පිනියක් වන තිලකා රණසිංහයි. එලෙසින් විවහා වුනු මේ දේපල ගැන වර්තමානයේ වැඩියෙන්ම කතාබහ වන්නේ මේ පුංචි දියණිය නිසයි. ඒ විතරක් නෙවෙයි සමාජ මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ අලුත් තොරතුරු ගැන නිතරම ප්‍රේක්ෂකයින් එක්ක බෙදාගන්නත් අමතක කරන්නේ නැහැ.

මේ අතරතුර සාරංග විසින් සමාජ මාධ්‍යට එකතු කල වීඩියෝවක සඳහන් වුනේ මේ පුංචි බබා කැමතිම දේ ගැනයි. කියලා තිබුණු විදියට පුංචි දුව කතන්දර කියනවට හරී ආසයිලු. ඉතින් ඔවුන් පොතක් අරගෙන පුංචි දුවට ඇහෙන්න කියනවා කියලා සඳහන් කරලා තිබුනා. ඒවගේම අපේ ආදරණිය ප්‍රේක්ෂකයින් පවා දැන් බලාගෙන ඉන්නේ මේ පවුලේ අලුත් තොරතුරු මොනවද කියලා දැනගන්නයි. සාරංග දිනක්ෂි දෙදෙනා කාලය තිබෙන හැම වෙලාවකම ඒ වගේ දේවල් අනිත් අයත් එක්ක බෙදාගන්න අමතක කරන්නේ නැහැ.