Gossip

“තනියම අවාරේ සිරිපා කරුණා කලේ බාරයක් වෙන්න” තරුණිය කියන කතාව

විනෝද චාරිකා, වන්දනා ගමන් යන්න අකමැති කෙනෙක් නැහැ. නමුත් එහෙම ගමනක් යනවා නම් පිරිසක් එකතු වෙලා හෝ අඩුම තරමේ දෙදෙනෙක්වත් එකතු වෙලා තමයි යන්නේ. නමුත් පසුගිය දවසක රටපුරා මහත් ආන්දෝලනයට ලක්වූ කතාවක් තමයි තනියම ආවාරේ සිරිපාදේ කරුණා කල තරුණයක් ගැන සමාජ මාධ්‍යන් තුල ගොඩක් කතාබහට ලක් වුනා. ඒ ගැන ඇය කියලා තිබුනේ මෙහෙම කතාවක්.

මේ තරුණියගේ නම තමයි ශනුලි නිල්නයනි, මොනවා වුනත් මම කෙල්ලෙක් නිසා එහෙම ගමනක් තනියම යන්නත් බය හිතුනා. ඒත් එක අරමුණක ගිය ගමනක් මේක. බාරයක් වෙන්නයි එහෙම සිරිපා වන්දනාවේ ගියේ. ගෙදරින් ප්‍රශ්නයක් වුනේ නැහැ, හොඳ සහයෝගයක් ලැබුනා. මම කරන හැමදේකටම ගෙදරින් සහයෝගයක් ලැබෙනවා. යන්න එපා කියලා බනින්නේ නැහැ, ඒත් මොනවා කරත් පරිස්සම් වෙන්න, මොලේ කල්පනා කරලා වැඩ කරන්න කියලයි කියන්නේ. ගැහැණු ළමයි, පිරිමි ළමයි කියලා මම වෙනසක් විදියට දකින්නේ නැහැ. එහෙම හොතනකොට තමයි අපේ ජීවිත වලට සීමා වැටෙන්නේ.

මන් ගැන මට තියන විශ්වාසට සහ ශක්තියත් එක්ක මට ඕනේ වුනේ නිදහසේ මේ ගමන යන්න. මුහුණු පොත ඔස්සේත් මේ ගමන ගැන මට ගොඩක් විස්තර දැනගන්න උදව් ලැබුනා. ඒ හැම කෙනෙක්ටම ගොඩක් ස්තූතියි. කෝකටත් කියලා රෑට නවාතැන් ගන්න වුනත් වැඩිපුර කෑම එහෙම අරගෙන ගියා. පාර හොයාගන්න අමාරු වුනේ නැහැ. ඒත් කැලේ පාරවල් වල යද්දී ඇහෙන සත්තුන්ගේ සද්දත් එක්ක බය හිතුනේ නැතුවම නෙවෙයි. ඒ හැම වෙලාවකම මගේ හිතට ශක්තිය වුනේ ගෙදරින් ගෙනාපු බාරේ උඩ මළුවට අරගෙන යනවා කියන දේයි.