Gossip

චූටි පුංචි ශනුද්‍රි, දිනක්ෂි අක්කාගේ බබා නලවපු විදිය හෙළිවෙයි

අපේ රටේ නිතරම කතා බහට ලක්වෙන මාතෘකාවක් තමයි සාරංග සහ දිනක්ෂිගේ පවුල. ඉතින් මේ ආදරණිය කැදැල්ලට පුංචි බබෙක් ආවට පස්සේ තවත් මේ ගැන වැඩියෙන් කතාබහ කරන්නට පටන් ගෙන තියනවා. ඒ අතරින් තවත් ප්‍රධානම චරිතයක් තමයි දිනක්ෂිගේ පොඩි නංගි ශනුද්‍රි කියන්නේ. සාරංගගේ සහ දිනක්ෂිගේ බබා ගෙදර ගේනකල් ඉවසිල්ලක් නැතුව බලාගෙන හිටිය ශනුද්‍රි දැන් බබාව නිතරම අතේ තියාගෙන නලවනවලු. බබාගේ චූටි පුංචි තමයි ශනුද්‍රි කියන්නේ. මීට කලින් ඉඳලාම ශනුද්‍රි මාධ්‍යටත් කියලා තිබුනේ මට හරිම සතුටුයි මම දැන් පුංචි කෙනෙක් වෙන්න යන්නේ. මම තමයි චූටි පුංචි කියලා.

ඒ වගේම ශනුද්‍රි කියන්නේ වර්තමානයේ පුංචි තිරයේ දකින්නට ලැබෙන දක්ෂ නිලියක් වශයෙනුත් හඳුන්වන්න පුලුවන්. මේ දිනවල විකාශය වන කොළඹ ඉතාලිය, තාදී, දිවිතුරා ගමනේයා ටෙලිනාට්‍ය රසකටම ඇය රංගනයෙන් දායක වෙනවා. මම කාලයක් මෙගා නාට්‍ය වලින් ඈත් වෙලා හිටියේ, ගොඩක් ආරාධනා ලැබුනත් ඒ හැම එකකටම යන්නේ නැහැ. ටිකක් පේන්න නැතුව ඉඳලා හොඳ නිර්මාණ කිහිපයකට දායක වෙන්න ඕනේ කියලා හිතුවා. මොකද අපි වුනත් නිතරම දකින්න ලැබෙනකොට ප්‍රේක්ෂකයින්ට වුනත් එපාවෙන්න පුලුවන්.

හැබැයි එහෙමයි කියලා මෙගා වැඩ වලින් ඉවත් වෙන්නේ නැහැ. නමුත් හොඳ දේවල් එක්ක ඉදිරියට යන එක තමයි මගේ බලාපොරොත්තුව වෙන්නේ. මුදල් ලැබුනා කියලා මගේ සිමාවෙන් පිට දේවල් වලට යන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මගේ පවුලේ අයත් කලාව ගැන හොඳින් දන්නා නිසා වැඩක් බාරගන්නකොට අක්කලා දෙන්නා, අම්මා, තාත්තා හැම කෙනෙක් එක්කම කතා කරනවා. ටෙලිනාට්‍ය ගැන ගොඩක් දන්නේ දිනක්ෂි අක්කා නිසා ඒ ගැන එයාගෙන් තමයි වැඩිපුර අහන්නේ. ඒ වගේම චිත්‍රපට ගැන අහන්නේ තාත්තාගෙන්.