Gossip

අගමැති සම්බන්දිකරන ලේකම්තුමිය දැන් ගෙවන අලුත්ම ජිවිතේ

නිරූපන ශිල්පිනියක්, රංගන ශිල්පිනියක් සහ වැඩසටහන් නිවේදිකාවක් වශයෙනුත් එමෙන්ම රුපලාවන්‍ය සහ වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්දිකරණ ලේකම් තුමිය වශයෙන් කටයුතු කරන කෞශි වෙඩික්කාරච්චි හඳුන්වන්න පුලුවන්. එහෙමත් නැත්නම් ඇයව හැමෝම හඳුන්වන නම වෙන්නේ කෞශල්‍යා මාධවී ලෙසයි. මෑත කාලයේ සමාජ මාධ්‍ය තුලත් වැඩි වශයෙන් කතාවුනු කෞශි මනෝවිද්‍යා උපදේශක වරියක්ද වෙනවා. කාලයක් කළා ක්ෂේත්‍රය තුල නමක් දිනාගෙන සිටි ඇය වර්තමානයේ නම් දකින්න නොලැබුනත් නිතරම කතාබහට ලක්වෙන සහ අහන්න දකින්න ලැබෙන කෙනෙක් තමයි ඇය.

කෞශලගේ පෞද්ගලික විස්තර ගැන කියනවා නම් ඇයගේ ගම රත්නපුර. ඇයගේ අධ්‍යාපන සුදුසුකම් ගැන කියනවා නම් එංගලන්තයේ විශ්ව විද්‍යාලයක මෝස්තර නිරූපණය සහ තාක්ෂණය පිළිබඳ උපාධිධාරිනියක්ද වනවා. එමෙන්ම මනෝ විද්‍යා උපදේශක වරියක් ලෙසත් කටයුතු කරන අතරම කාඩ්ෆ් සරසවියේ තවත් උපාධියක් හදාරමින් සිටින බව දැනගන්න ලැබෙන්නේ. කෞශි විවාහා වෙලා සිටින්නේත් අපේ රටේ ප්‍රභලතම ව්‍යාපාරිකයෙකු සමඟයි. ඔහු නමින් දමිත වික්‍රමසිංහ. ඔවුන්ගේ ප්‍රධානම ව්‍යාපාරය ලෙස දැනගන්න ලැබෙන්නේ විදේශ රටවල් වලින් ආනයනය කරන සාරි සහ මංගල ඇඳුම් ලංකාව පුරාම බෙදාහැරීමේ මහා පරිමාන ව්‍යාපාරයක්.