Food

අපි අත හෙලෙවුවොත් තමයි කට හොලවන්න පුලුවන්, වැටුපක් නැතුව මාස ගානක් ගෙදර ඉන්නේ

අපේ කළා ක්ෂේත්‍රය තුල සිටින ජනප්‍රිය නිලියක් තමයි පබෝදා සන්දීපනී කියනේ. ප්‍රවීන නිලි ගීතා කාන්ති ජයකොඩිගේ ආදරණිය දියණිය තමයි පබෝදා කියලා කියන්නේ. ඉතින් කාලෙන් කාලෙට යම් යම් හේතු නිසා පබෝදා ගැන විවිද කතා පුවත් සමාජ මාධ්‍යන් වල සැරිසරන්නට පටන් ගත්තා. ඒ වගේම එක්තරා වීඩියෝ දර්ශනයක් නිසා. පබෝදා ගොඩක් අපහසුතාවයත් පත් වුනා. ඒ අවස්ථාවේදී ඇය විසින් සජීවීව ප්‍රේක්ෂකයින් අමතමින් කියා සිටියේ එහි සිටින්නේ ඇය නොවන බවයි. කොහොම නමුත් ඒ දේවල් එක්කම අපේ රටේ ප්‍රේක්ෂක ආදරයනම් ඇයට අඩුවක් වෙලා නැහැ. බහුභූතයෝ චිත්‍රපටය තුලින් අතිශය ජනප්‍රියත්වයක් ලැබූ පබෝදා එහිදී විශිෂ්ඨ රංගනයක යෙදෙනවා දැකගන්නත් ලැබුනා.

ඉතින් පවුලේ අයත් එක්ක පබෝදා දැන් ගෙවන ජීවිතය ගැන මාධ්‍යයට අදහස් දක්වලා තිබුනේ මේ විදියට.බබෝදා කියන්නේ දැන් ආදරණිය පුතෙකුගේ මවක් ඒ නිසාම පවුලේ වගකීම් වියදම් ගොඩක් වැඩියි. මගේ පුතා සවේන්, එයානම් ටිකක් ලජ්ජා ශීලි කෙනෙක් ෆොටෝ එකක්වත් ගන්න දෙන්නේ නැහැ ඉස්සරහට ඉතින් කොහොම වේවිද දන්නේ නෑ. නමුත් එයා රංගනයට ඒවි කියලා නම් මම හිතන්නේ නැහැ. දැන් ඉතින් අපිත් ගොඩක් අපහසු කාලයක් තමයි ගෙවමින් ඉන්නේ. අපේ රටේ කලාකරුවන් ගෙවන්නේ බොහොම අමාරු කාලයක්.

හැමෝටම ආමාරු කාලයක් තමයි, මේ ඇතිවෙලා තියන්න ප්‍රශ්නේ නිසා කිසිම වැටුපක් නැතුව මාස ගානක් ගෙදර ඉන්නේ. මම යම් මුදලක් ඉතිරි කරගෙන ඉන්න නිසා දැනට ලොකු ප්‍රශ්නයක් නැහැ. අපි දවස් පඩි කාරයෝ. අපි ඉතින් අත හෙලෙව්වොත් තමයි කට හොලවන්න පුලුවන් වෙන්නේ.මේ ඇතිවුණු තත්වය නිසා මම දෙයක් තේරුම් ගත්තා. කළා ක්ෂේත්‍රයේ ඉන්න ඕනෑම කෙනෙක් රඟපෑමට අමතරව වෙනත් ව්‍යාපාරයක් කරන්න අවශ්ශ්‍යයි කියන දේ. මටත් දැන් ඒක හොඳටම දැනිලා තියෙන්නේ. මගේ එකම බලාපොරොත්තුව වෙන්නේ පුතාට හොඳට උගන්නලා හොඳ මනුස්සයෙක් කරන එක. ඒ වෙනුවෙන් තමයි දැනුත් හැම කපකිරිමක්ම කරන්නේ. කොහොම වුනත් මම එන විදියට ජීවිතේට මුහුණ දෙන කෙනෙක්. මගේ ජිවිතයට එක එක විදියේ ප්‍රශ්න ඇවිල්ලා තියනවා. ඒ හැම දෙයකදීම මම සැලුනේ නැහැ. ඉදිරියටත් එහෙමයි මගේ විශ්වාසයත් එක්ක හිතට ශක්තිය අරගෙන එන විදියට හැමදේටම හොඳින් මුහුණ දෙනවා.